Tuesday, March 11, 2014

වෛද්‍ය මා‍ෆියාව හා සම සෞඛ්‍ය ප්‍රශ්නය


පේරාදෙණිය හා රුහුණ සරසවි වල  සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් දැන් මාස 2 කටත් අධික කාලයක් තිස්සේ ගලහ මං සන්ධියේත්, ගාලු නගරයේත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වමින් සිටිති.

මෙම සත්‍යග්‍රහය ගැන අදාල කිසිම බලධාරියෙකුගේ අවධානය යොමුව ඇති බවක් නොපෙනේ.කාලයත් සමග සිසුන් උනන්දුව හීන වී සත්‍යග්‍රහය නවතා ආපසු දේශනලට සහභාගි වනු ඇතැයි බලධාරින් සිතා සිටින බවක් ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් පෙනේ.

මෙම වර්ජක සිසුන් ඉල්ලා සිටින්නේ කුමක්ද?

2006 දී මෙම සම සෞඛ්‍ය විද්‍යා පීඨ ආරම්භ කරන විට වසර 4ක්ව තිබී පසුව වසර 3කට කපාදු කරන ලද පාඨමාලා කාලය නැවත වසර හතර දක්වා දිගු කර දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති.

ආරම්භයේදී වසර 4කට සැලසුම් කර සිසු කණ්ඩායම්  කිහිපයක්ම උපාධිය ලබාගන්නා තෙක් සිව් වසරක පාඨමාලා පැවත්වීමෙන් පෙනී යන්නේ හෙද ,විකිරණ ශිල්පි, වෛද්‍ය රසායනගාර ශිල්පි,භෞත චිකිත්සක  යන මෙම උපාධි පාඨමාලාවල වසර හතරක් උගැන්වීමට තරම් සෛධාන්තික හා ප්‍රායෝගික විෂය කරුණු ඇති බවයි.

එසේම කප්පාදුවෙන් පසුව පවා විශේෂ උපාධියක් ලෙස සිව් අවුරුදු පාඨමාලා පැවත්වීමට යෝජනා කිරීමෙන් (3+1) පෙනී යන්නේද එම සත්‍යයමය.

එසේ නම් පාඨමාලා වසර තුනකට කප්පාදු කිරීම යනු නිසැක ලෙසම අදාල විෂය නිර්දේශයන්ගෙන් 25% එනම් 1/4 ක් කපා දැමීමයි. එය අදාල උපාධි පාඨමාලා වලට ඇති පිලිගැනීම බරපතල ලෙස බිඳ හෙලන්නකි. එසේම  එම සිසුන් උපාධි ලබා රෝගී සත්කාර සේවයට ගිය පසු ඔවුන්ගේ සේවය ලබා ගන්නා රෝගීන්ට කරන බලවත් අසාධාරණයකි.

මෙම කප්පාදුව ගැන උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා හා එම අමාත්‍යාංශයේ ලේකම් වරයා ලබා දෙන්නේ අමු මැටි පිලිතුරකි.ඔවුන් කියන්නේ රජයේ වෛද්‍ය  නිලධාරි සංගමයේ විරෝධතාව නිසා උපාධි පාඨමාලවල කාලය කප්පාදු කළ බවයි. ඔවුන් මෙසේ කියන්නේ රෙදි ඇඳගෙනද නැත්නම් ඔවුන්ට සුපුරුදු ලෙස අමු හෙලුවෙන්දැයි අප නොදනිමු.

එහෙත් එම කථාව ඇත්තක් බව නම් අප දනිමු.

ප්‍රශ්නය නම් මෙරට අධ්‍යාපනය ගැන , විශේෂයෙන් සරසවි අධ්‍යාපනය ගැන හා උපාධි පාඨමාලාවල සංයුතිය හා කාල සීමා ගැන තීරණය කිරීමට ර.වෛ. නි සංගමය වැනි හුදු ආත්මාර්ථකාමි,ගෝත්‍රිකවාදි මානසිකත්වයකින් හෙබි වෘත්තීය සමීතියකට බාර වීමයි. එය බරපතල ඛේදවාචකයකි.

ගෝත්‍රික මානසිකත්වයකින් හෙබි පාදෙනියගේ නායකත්වයෙන්  යුත්  ර.වෛ.නි සංගමය මැදිහත් වන්නේ හුදු පාඨමාලා කාලය කප්පාදු කිරීමට පමණක් නොවේ. සම සෞඛ්‍ය සිසුන්ට අවශ්‍ය නවීන සායනික පුහුණුව ලබා දිය හැකි පසුකම් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල තිබියදී එම සිසුන්ට එම පහසුකම් භාවිතා කිරීමට ඉඩ නොදෙමින් ඔවුන් කුරුණෑගල රෝහලට හා කොළඹ පෞද්ගලික රෝහල් වෙත පන්නා දැමීමට කටයුතු කර ඇත්තේද මෙම ඊනියා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ගල් වැදි යුගයට අයත් නිලධාරින්මය.

ර.වෛ. නි.සංගමය මෙලෙස හැසිරෙන්නේ අන් කිසිවක් නිසා නොව හුදු වෘත්තීමය ඊර්ෂ්‍යාව හා මාන්නය නිසාය. ඔවුන් සිතා සිටින්නේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටිය යුත්තේ ඔවුන් බවයි. එයට අභියෝගයක් විය හැකි කිසිවකට ඔවුන් ඉඩ නොදෙයි.කිසිවෙක් ඔවුන්ට වඩා අධ්‍යාපනයක් ලබනවාට ඔවුන් විරුද්ධය.

අනිත් අතට ආණ්ඩුව සමග සන්ධාන ගත වී සිටින පාදෙනිය ප්‍රමුඛ ර.වෛ.නි සං. නායකයන් වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් නො ඉල්ලයි.  ඒ වෙනුවට තම සාමාජිකයන් රවටා ගැනීම  සඳහා මෙවැනි ගුණ්ඩු භාවිතා කරන අතර බලධාරින්ගේ සහයත් ඔවුන්ට නිතැනින්ම හිමිවේ. මේ පිලිබඳව ඇති තවත් හොඳ උදාහරණයක් නම් රෝහල් වල ඇති අඩු පාඩු ගැන වචනයක්වත් නොකියන පාදෙනිය මෑතක සිට පිටිකිරි බීම ගැනත් , කෘෂි රසායනික ගැනත් මහා දේශප්‍රේමියකු මෙන් කතා කිරීමට ඉදිරිපත් වීමයි.

ඇත්තෙන්ම ර.වෛ. නි. සංගමය වෘත්තීය සමීතියකට වඩා ලං වෙන්නේ හිට්ලර්ගේ එස්.එස්. හමුදාවටය. ඔවුන් කරන්නේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කිරීම නොව තම බලය යොදවා අනෙකුන් පොඩි පට්ටම් කර දැමීමය.

මොවුන්ගේ මෙම ඒකාධිකාරය වහාම පරාජය කළ යුතුය.සියලු දෙනා එකතු වී ඊට එරෙහිව හඬ නැගිය යුතුය. නො එසේනම් පාදෙනියට අවශ්‍ය පරිදි ජීවත් වීමට හිත හදා ගත යුතුය. මක් නිසා ද යත් ඉදිරියේදී අප නිදා ගත යුත්තේ කෙසේ දැයි යන්නටත් නීති දැමීමට ර.වෛ. නි. සංගමය කටයුතු කිරීමට ඉඩ ඇති බැවිනි.





8 comments:

  1. මල අතට අරන් කුණුහරුප කොටන්න ඉන්න ඩොකාලා වෙතටයි,

    පිංසිද්ද වෙයි කුනුහරුපනම් කොටන්න එපා. මොකද ඔයාලා කුණුහරුප මෙලෝ රහක් නැ. ඔයාල වගේමයි

    ReplyDelete
    Replies
    1. පිංසිද්ද වෙයි කුනුහරුපනම් කොටන්න එපා. මොකද ඔයාලගේ කුණුහරුප මෙලෝ රහක් නැ. ඔයාල වගේමයි

      Delete
  2. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රෝගීන්පිලිබඳ ගරුත්වය, රෝගීන්ට මානුශිකව සැලකීම, රෝගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ. එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​. දියුණු ශිෂ්ටසම්පන්න රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල වෛද්‍යවරු රෝගීන් කෙරෙහි දක්වන ගෞරව සහිත ආකල්ප රෝගීන් කෙරෙහි වගවීම සහ ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය ගේ ක්‍රියා කලාප පිලිබඳ නිබඳවම පවසන්නේ අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබෙන බවයි. සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධි මානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි. පොතේ දැණුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම නොමැත​. ඒ නිසා පොඩ්ඩ බැරි වන විට වර්ජනයට බසිති.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ තවමත් පවතින්නේ ඉතාම නොදියුණ මට්ටමකය​. මේ පීඨ වල පුද්ගල ගරුත්වයක් නොමැත.ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි.

    ReplyDelete
  3. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී. කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය විශාන් ජය ශාන්ත පරණමාන ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කලේය​. වරක් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලයේ නිලධාරිනියක් "ඩර්ඩන්ස්" රෝහල වෙත ගොස් තිබේ. ඒ අතක ඇති වූ ආබාධයකට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහාය. එහිදී එම රෝහලේ වෛද්‍යවරයා විසින් ඇය පරීක්‍ෂා කරන අතරවාරයේදී ඇයට ලිංගික අතවරයක් සිදුකර තිබේ. පසුව එම නිලධාරිනිය ඒ බව කොල්ලූපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙන අතර කොල්ලූපිටිය පොලිසිය විසින් කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇත. එලෙස අමෙරිකානු තානාපති කාර්‍යාලයේ නිලධාරිනියට ලිංගික අතවරයක් කර තිබෙන්නේ "ඩර්ඩන්ස්" රෝහලේ වෛද්‍යවරයෙකු වන නුගේගොඩ ගංගොඩවිල පදිංචි මහේඳ්‍ර අබේසිංහ විජයවර්ධන නමැත්තාය. මොහු කොලඹ වෛද්‍ය පීඨයේ නිශ්පාදනයකි. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මෙවැනි දොස්තර මානසික රෝගීන් බිහි කිරීම පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද, ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ වල සිසුන් පුහුණු කරන මහා චාර්‍යවරුන්ටද චෝදනා නිතැතින්ම එල්ලවේ.

    ReplyDelete
  4. දොස්තරලා මේ වගේ ලෙඩ්ඩුවෙන අවස්තා ලෝකයේ බොහෝ රටවල අඩුවැඩි වශයෙන් සිදුවෙනවා. එය අන්තිම කැත වැඩක්. දියුණු රටවල ඉක්මණින්ම මෙවැනි අයට දඩුවම් ලබාදී වෛද්‍ය සේවයෙන් පහකරනවා.

    මේ රටවල දොස්තරවරු පමණක් නොව මුළු වෛද්‍ය සේවයම තම රෝගීන්ට දක්වන ගරු සැළකිල්ල අදහාගන්න බැහැ. අපේ වෛද්‍ය සේවයේ ගොන් පාට් කවදා හැදෙයිද කියන එක ලොකු ගැටළුවක්.

    ReplyDelete
  5. වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය අයිතීන් දිනැගැනීමට වැඩිපුර සටන් කිරීම අවශ්‍ය නැත. ඉල්ලීම් නැතිවම ඔවුන් පසුගිය වසර කීපය තුලදී වෙනත් සේවාවන් වෙත නොමැති වරප්‍රසාද හා දීමනා ලබාගෙන ඇත.

    ReplyDelete